Skip to main content

Sinhalese (සිංහල)

අපි දුරකථන හෝ අන්තර්ජාල සේවා පිළිබඳ පැමිණිලි විසඳීමට උදවු කරමු.

අපි නොමිලේ සහ ස්වාධීන සේවයක් වෙමු. එනම් ඔබ මුදල් ගෙවීමට අවශ්‍ය නැති අතර අපි ඒක පාර්ශික නොවෙමු.

විදුලි සංදේශ කර්මාන්ත ඔම්බුඩ්ස්මන්වරයා උදවු කළ හැකි වන්නේ :

  • ගිවිසුම්: ඔබට නොලැබුණු දෙයකට ඔබ එකඟ වූයේද?

  • බිල්පත්: ඔබ ඔබේ බිල්පත වැරදි යැයි සිතන්නේ ද හෝ ඔබට එය ගෙවීමේ අපහසුවක් තිබේද?

  • වැරදි සහ සේවා දුෂ්කරතා: ඔබේ දුරකථනය හෝ අන්තර්ජාල සේවය ක්‍රියා නොකරන්නේද?

  • විසන්ධි කිරීම්: ඔබේ දුරකථනය හෝ අන්තර්ජාලය විසන්ධි කර තිබේද?

  • ණය එකතු කිරීම: ඔබේ නොවන ණය මුදලක් ගෙවීමට ඔබෙන් ඉල්ලා සිටිනු ලබන්නේද?

  • විකුණුම් පිළිවෙත්: ඔබට දැරිය නොහැකි සැලසුමක් හෝ උපකරණයක් විකුණා තිබේද?

අපි ඔබ සහ සැපයුම්කරුවන් සමග වැඩ කරන ආකාරය

ඔබ හෝ ඔබ ඒ අය වෙනුවෙන් කථා කරන පුද්ගලයා, දුරකථනයක් හෝ අන්තර්ජාලය භාවිත කරන්නේ නම් අපට උදවු කළ හැකි ය. එය නිවසේ හෝ කුඩා ව්‍යාපාරයක භාවිත කරන සේවායක් විය හැකි ය. එය ක්‍රියා කරන ආකාරය:

  1. ඔබේ සැපයුම්කරු සමග පැමිණිල්ල විසඳීමට ඔබ උත්සාහ කරයි.

  2. ඔබේ සැපයුම්කරු සමග පැමිණිල්ල විසඳීමට ඔබට නොහැකි නම්, අප අමතන්න.

  3. පැමිණිල්ල සමග කටයුතු කළ හැකිදැයි අපී තීරණ කරමු.

  4. පැමිණිල්ල විසඳීම සඳහා අපි ඔබ සහ සැපයුම්කරු සමග කටයුතු කරන්නෙමු.

  5. ඔබ සහ සැපයුම්කරු එකඟ නොවන්නේ නම්, ඔම්බුඩ්ස්මන්ට පැමිණිල්ල විසඳන්නේ කෙසේ දැයි තීරණ කළ හැකි ය.

ඔබට උදවු කිරීමට කෙනෙකු ලබා ගැනීම

ඔබට හෝ ඔබේ ව්‍යාපාරය සඳහා මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ මූල්‍ය උපදේශකයෙකු වැනි යම් කෙනෙකුගෙන් පැමිණිලි කරන ලෙස ඔබට ඉල්ලා සිටිය හැකි ය. දුරකථනයෙන් අපගේ අවසර පත්‍ර ඉල්ලන්න හෝ ඒවා අපගේ වෙබ් අඩවියෙන් සොයා ගන්න.

අප සම්බන්ධ කර ගන්න

ඔබට අපගේ වෙබ් අඩවිය හරහා www.tio.com.au/complaints හෝදුරකථනයෙන් 1800 062 058 පැමිණිලි කළ හැක.

ඔබට PO Box 276, Collins Street West, VIC 8007 වෙත ලිපියක් යොමු කිරීමට හෝ 1800 630 614 වෙත ෆැක්ස් කිරීමට හැකි ය.

වමටත් දකුණටත් ඇති රූප දෙකක් මැදට ඇති රූපය බලා සිටීම පෙන්වන දර්ශනයක්. වමට සහ දකුණට සහ මැදට ඇති රූප අතර සමානතා ලකුණක් ඇත.

ඔබට ඉංග්‍රීසි හැර වෙන ත් භාෂාවක් භාවිත කිරීමට අවශ්‍ය නම්, 131 450 ඔස්සේ භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවය අමතන්න, එවිට ඔවුහු අප සමග කථා කිරීමට ඔබට උදවු කරති. ඒවා නොමිලේ ලැබෙන සේවා වේ.

ඉහත අංකවලට ජංගම දුරකථනයෙන් කථා කරන විට ගාස්තු අය විය හැක.